මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලේවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි විල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මප/විල්/හත්තොට අමුණ මහා විද්‍යාලය දඹුල්ල හෙට්ටිපොළ මාර්ගයට යාබදව 12 වන කිලෝමීටර් කණුව අපල පිහිටා ඇත. 1968 පෙබරවාරි මස 8වන දින දිවන්ගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ඇමතිවරයකු වන පේ.පි විජේරත්න බණ්ඩා මහතා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස හා විදුහල්පතිවරයෙකු වශයෙන් සේවය කරමින් ළමුන් 23 දෙනෙකුගෙන් 1 ශ්‍රේණියේ සිට 3 ශ්‍රේණිය දක්වා හත්තොට අමුණ ප්‍රාථමික විදුහලක් ලෙස මෙම පාසල ආරම්භ කර ඇත. පසුව 70 දශකයේ 1-5 පන්ති පැවැත්වෙන ප්‍රාථමික විදුහලක් ලෙස ද 30 දශකයේ අග භාගයේ 1-11 දක්වා පත්ති පැවැත්වෙන විදුහලක් ලෙස ද පසුව කනිෂ්ඨ විදුහලක් ලෙස ද 2003 දී 1- 13 පන්ති පැවැත්වෙන මහා විද්‍යාලයක් ලෙස හා 2005 දී ඉසුරු පාසලක් ලෙස සංවර්ධනය විය.
2008 වර්ෂයේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව දිවයිනේ ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරිමේ වැඩසටහනට අයත් ලග්ගල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි එකම පාසල බවට පත්ව ඇත. ඒ අනුව 2009 වර්ෂයේ සිට 1-5 ශ්‍රේණි මප/විල්/ශ්‍රී සිද්ධාර්ථ ප්‍රාථමික විදහල ලෙස වෙන් කළ අතර, ශ්‍රී සිද්ධාර්ථ ප්‍රාථමික විදහල හා ලේල්ඔය ප්‍රාථමික විදුහල් වලින් පෝෂණය වන 6-13 ශ්‍රේණි සදහා පන්ති පැවැත්වෙන ද්විතීයික පාසලක බවට ද පත් විය.
වර්තමානයේ ක්‍රියාත්මක මාරගලකන්ද සහ කළුගඟ සංවර්ධන සතිය යටතේ නැවත පදිංචි කන්නන්ගේ දරුවන් සඳහා අධ්‍යාපන අවස්ථා සැපයීමට මහවැලි සංවර්ධන අධිකාරිය මගින් භෞතික සම්පත් සංවර්ධනය කරන අතර 2014 වර්ෂයේ සිට නව පදිංචිකරුවන්ගේ ළමුන් මෙම පාසලට ඇතුළත් ව ඇත. 2015 වර්ෂයේ මඟින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීම හා උසස් පෙළ විෂය මාලාව පුළුල් කිරීම ද සිදු කෙරිණි.
2023 වර්ෂයේ දී වසර 55 ක් පිරෙන මෙම පාසල උසස් පෙළ වාණිජ හා කලා විෂය ධාරාවන් ක්‍රියාත්මක පාසලක් වන අතර 2025 වන විට අප විද්‍යාලය වෙත පියනගන දරුවන්ගේ සහජ දක්ෂතා හදුනාගෙන රටට වැඩදායි පුර්ණ පෞරුෂයෙන් යුත් ගුණ ගරුක බුද්ධිමත් දරුවෙකු දැයට දායාද කිරීම අපගේ පරම වෑයමයි.





